FEB
07
හිටපු නාවික හමුදාපතිත් සමගි ජන බලවේගය සමඟ එක්වෙයි
හිටපු නාවික හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි දයා සඳගිරි මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.
ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වන නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි මහතා (VSV, USP rcds, MSc (DS), psc, FCMI) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මෙලෙස සමගි ජන බලවේගය හා එක්වී ඇත.
සමුද්‍රීය හා නාවුක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් එතුමාට ඇති හසල දැනුම හා පළපුරුද්ද නිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඒ මහතාව සමගි ජනබලවේගයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කිරීමට පියවර ගෙන තිබේ.
226 Views
Comments