“නිවාර්” චන්ඩ සුළි කුණාටුව තමිල්නාඩුවට ඇතුළු වෙයි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන බවත් මේ සමග දිවයිනට ඇති එහි බලපෑම අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ හේතුවෙන් ඉදිරි පැය 12 තුළදී දිවයිනේ උතුරු සහ වයඹ දෙසින් වන ගැඹුරු සහ නොගැඹූරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
තවද සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර 60 සිට 70 දක්වා පමණ ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ විිටින් විිට රලු විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන වෙරළට ඔබ්ඛෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසයි කාළගුණ විද්‍යා දෙපර්තමේන්තුව ධීවරයන්ට දැනුම් දෙනනේ.
709 Views
Comments