ඔබ දීප්තිමත් අනාගතයක් ඇති තරුණ දේශපාලනඥයෙක් – අගමැති හරින්ට කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

ඔබ දීප්තිමත් අනාගතයක් ඇති තරුණ දේශපාලනඥයෙක් – අගමැති හරින්ට කියයි

ඔබ දීප්තිමත් අනාගතයක් ඇති තරුණ දේශපාලනඥයෙක් – අගමැති හරින්ට කියයි

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඊයේ දිනට යෙදෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75වන ජන්ම දිනයට සුභ පැතුම් එක් කර තිබුණා.

 

ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්

 

” සුභ උපන්දිනයක් අග්‍රාමාත්‍යතුමණි.

ඔබ මම අගය කරන දේශපාලනඥයෙක්. අපට ප්‍රතිවිරුද්ධ අදහස් තිබිය හැකි නමුත් ඔබ අපට ඔබෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ලබා දුන්නා.

ඔබේ දවස සුභ වේවා යැයි ප්‍රාර්ථනා කරමි.”

 

යැයි එහි පැවසිණි.

 

ඊට පිළිතුරු සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා විසින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට ස්තූති කර තිබෙනවා.

 

 

“හරීන් ඔබට ස්තුතියි. ඔබ දිගු ගමනක් හා දීප්තිමත් අනාගතයක් ඇති තරුණ දේශපාලනඥයෙක්. ඔබ අපේ තරුණ පරම්පරාව දිරිගැන්වීමට දායක වීම ගැන මම සතුටු වෙමි.”

 

යැයි එම පිළිතුරු සටහනේ දැක්විණි

 

 

 

 

 

 

views

908 Views

Comments

arrow-up