“පෙරටුගාමීන් සමඟ එක්ව වැඩ කිරීමට සූදානම්.” අනුරකුමාර දිසානායක

ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දිනා දීම සදහා මෙන් ම, අධිරාජ්‍යවාදයට එරෙහිව ගෙන යන සටනේ දී, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බව, ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක පවසයි.
දැනටමත්, විවිධ බලවේග සමග එක්ව වැඩ කිරීම තම පක්ෂය අරඹා ඇති බවත්, ජාතික ජන බලවේගය එවැනි පුළුල් සන්ධානයක් බවත්, ඔහු පවසයි.
පක්ෂයෙන් කැඩී ගිය පිරිසක් වුවත්, එම අතීතය අමතක කර දමා, පෙරටුගාමීන් සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බවයි පවසන්නේ.
සිරස රූපවාහිනිය ඔස්සේ විකාශය වන නිවුස් ලයින් නම් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේ ය.
747 Views
Comments