බන්ධනාගාර “සුද්ධ කිරීමේ” එස්.ටී.එෆ් මෙහෙයුම් දිගටම. ජංගම දුරකථන 82 ක් සහ සිම්පත් 55 ක් සොයා ගනී.

සුප්‍රකට පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් රදවා සිටින, බූස්ස සහ අගුණකොල පැලැස්ස ඇතුළුව රට පුරා ඇති සියළු ම බන්ධනාගාර, පසුගිය දින කිහිපයේ විශේෂ කාර්යසාධක බලකාය මගින් වටලා ඇති අතර, එම වැටලීම් වල දී, බන්ධනාගාර රැදවියන් සතිව තිබූ ජංගම දුරකථන 82 ක් සහ සිම්පත් 55 ක් සොයා ගැනීමට හැකි වී තිබේ.
පසුගියදා, බන්ධනාගාර නිළධාරීන් සමග පැවති විශේෂ හමුවකදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දෙන ලද උපදෙස් අනුව මෙම වැටලීම් සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
770 Views
Comments