තඹුත්තේගම නිවසක පිලිස්සුනු මළ සිරුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

තඹුත්තේගම නිවසක පිලිස්සුනු මළ සිරුරක්

තඹුත්තේගම නිවසක පිලිස්සුනු මළ සිරුරක්

තඹුත්තේගම නල්ලච්චිය ප්‍රදේශයේ නිවසකින් පිලිස්සුණු පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ එම නිවසේ ම පදිංචිව සිටි 79 හැවිරිදි පුද්ගලයෙකි.

 

ඔහු තම බිරිඳ සමඟ එම නිවසේ පදිංචිව සිට ඇති අතර ඇවිදීමට නොහැකි අසනීප තත්ත්වයකින් සිටීම නිසා නිවසේ හුදෙකලාව ජීවත් වී ඇත.

 

මෙම අනතුර සිදු වන අවස්ථාවේ දී මියගිය පුද්ගලයාගේ බිරිඳ වගා කටයුතුවල නිරත වී සිට ඇත.

 

නිවසින් දැඩි දුමාරයක් පිටවීම හේතුවෙන් අසල්වාසීන් පැමිණ සිදු කළ සොයා බැලීමේ දී නිවස තුළ විශාල ගින්නක් ඇති බවට අනාවරණය වී ඇත.

 

ගින්න නිවා දැමූ ප්‍රදේශවාසීන් සිද්ධිය පිළිබඳව පොලීසියට දන්වා ඇත.

 

මියගිය පුද්ගලයා දුම්පානයට ඇබ්බැහි වී සිටි අයෙකු වන අතර නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක දුම්වැටියක් දැල්වීමට යාමේ දී ගිනිකූරක් විසිකිරීමෙන් ගිනි ගැනීම සිදුවන්නට ඇතැයි සැකපළ කෙරේ.

 

තඹුත්තේගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

views

246 Views

Comments

arrow-up