ටොනේඩෝවෙන් විනාඩි ගණනකින් නිවාස 16ක් හාන්සියි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
12

ටොනේඩෝවෙන් විනාඩි ගණනකින් නිවාස 16ක් හාන්සියි

ටොනේඩෝවෙන් විනාඩි ගණනකින් නිවාස 16ක් හාන්සියි

ආණමඩුව ප්‍රදේශයේ විනාඩි කිපයක් පැවති ටෝනාඩෝ සුළි සුලඟකින් ගම්මාන දෙකක නිවාස 16 කට හානි සිදුව ඇතැයි ආණමඩුව ප්‍රාදේශීය ලේකම් දිපිකා චාන්දනී මහත්මිය පවසයි.

 

මෙම ටෝනාඩෝ කුණාටු තත්වය ආණමඩුව ‍තෝණිගල හා පරමාකන්ද ගම්මාන දෙක හරහා හමා ගොස් තිබුණු අතර නිවාස රැසකට දැඩි හානි සිදුව ඇති බව ආපදා නිළධාරින් සඳහන් කරයි.

 

ඇතැම් නිවාසවලට සෙවිලි කර තිබු ඇස්බැස්ටෝ හා වෙනත් තහඩු මිටර් 200කට වැඩි දුරකට විනාඩි කිහිපක් පමණක් පැවති මෙම ටොනේඩෝවෙන් විසිවි තිබු බව නිවැසියන් පවසයි.

views

698 Views

Comments

arrow-up