කුලී වැඩට ගොස් නිවසට එද්දී හිසට පහරදී බිම වැටුණු පසු කුලී වැටුපත්, පාපැදියත් පැහැරගනී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

කුලී වැඩට ගොස් නිවසට එද්දී හිසට පහරදී බිම වැටුණු පසු කුලී වැටුපත්, පාපැදියත් පැහැරගනී

කුලී වැඩට ගොස් නිවසට එද්දී හිසට පහරදී බිම වැටුණු පසු කුලී වැටුපත්, පාපැදියත් පැහැරගනී

ස්ථීර රැකියාවක් නොමැතිකම හේතුවෙන් කම්බි ගැසීමේ කුලී වැඩකට ගොස් සිය පාපැදියෙන් ආපසු එමින් සිටි පුද්ගලයෙකුට මහමග රැඳීසිටි පුද්ගලයෙක් පොල්ලකින් හිසට පහරදී බිම වැටුණු විගස එම පාපැදියත් කමිස සාක්කුවේ තිබූ මුදලූත් රැගෙන පළා ගොස් තිබේ.

 

කොස්වත්ත, බෝතලේගම පිහිටි කොහුමෝලක කම්කරු සේවයේ නිරත වන මොහු මේ දිනවල එහි වැඩ සිදු නොවන නිසා කුලී වැඩක් සඳහා බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ වත්තක කම්බි ගැසීමට ගොස් තිබේ. 

 

වැඩ නිමාවී සිය පාපැදියෙන් ආපසු එන අතරමගදී ලූණුවිල, සිරිගම්පල පන්සල ආසන්නයේදී අඳුරේ යම් පුද්ගලයෙක් පොල්ලකින් වැරෙන් හිසට පහරදීමෙන් ඔහු බිම ඇද වැටෙත්ම පාපැදියත් කමිස සාක්කුවේ තිබූ 2200ක මුදලත් පැහැරගෙන ගොස් තිබේ.

 

62 හැවිරිදි ජෝශප් රුදි‍්‍රගු නමැති මෙම පුදගලයාගේ හිසින් අධික ලෙස ලේ ගැලීම හේතුවෙන් හැඳ සිටි කමිසයද ලේවලින් තෙත්වී තිබුණි.

 

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකිව ඇත්තේ පොලිසියට මෙතෙක් පැමිණිල්ලක් සිදුකර නොමැති නිසා බව කොස්වත්ත පොලිසිය පවසයි.

views

978 Views

Comments

arrow-up