ලෝක ලමා දිනය අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

ලෝක ලමා දිනය අදයි

ලෝක ලමා දිනය අදයි

ලෝක ළමා දිනය අදට (1) යෙදී තිබේ.

 

 

මෙවර ලෝක ළමා දින ජාතික වැඩසටහන ‘සියල්ලටම පෙර දරුවන්‘ තේමාව යටතේ පැවැත්වෙන අතර, ලෝක ළමා දින ජාතික උත්සවය අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන, ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන විෂය භාර රාජ්‍ය ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ජාතික රූපවාහිනි ප්‍රධාන මැදිරියේදී අද (1) පෙරවරු 10.00 සිට පස්වරු 12.00 දක්වා සජීවි වැඩසටහනක් ලෙස පැවැත්වේ.

 

 

එසේම, මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය ජාතික හා පළාත් මට්ටමින් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.

views

1030 Views

Comments

arrow-up