තිදරු මව අනියම් පෙම්වතා සමඟ පැනගොස් සයමස් බිළිඳාට දසවද දීලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
30

තිදරු මව අනියම් පෙම්වතා සමඟ පැනගොස් සයමස් බිළිඳාට දසවද දීලා

තිදරු මව අනියම් පෙම්වතා සමඟ පැනගොස් සයමස් බිළිඳාට දසවද දීලා

තිදරු මවක් වන තම බිරිඳ තම අතදරු සයමස් බිලිඳා රැගෙන ඇගේ අනියම් පෙම්වතා සමඟ පවුල් කමින් පෙම්වතා සමඟ එක්ව දරුවාට අමානුෂික ලෙස වධදී ඇගේ මවගේ නිවසේ දමා ගොස් සිටියදී දරුවාගේ පියා විසින් දරුවා ජාඇල පොලිසියට රැගෙනවිත් තිබේ. එහිදී දරුවාගේ පියා බිරිඳටත් ඇගේ පෙම්වතාටත් එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බව ජාඇල පොලිසිය කියයි.

 

 
පොලිසියට රැගෙන ආ සයමස් බිළිඳාගේ තැනින් තැන සපා කෑම් සහ පිලිස්සුම් තුවාල දක්නට ලැබෙන අතර එමනිසා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇත. මේ වන විට දරුවා මීගමුව රෝහලේ 15 වෙනි වාට්ටුවේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියි.


 
 සිදුවීම සම්බන්ධව වැඩිදුර සිදුකරන විමර්ශනයේදී සීදුව දබතුරේ පදිංචි අදාළ දරුවාගේ මිත්තණිය පොලිසියට පවසා ඇත්තේ තම දියණිය තවත් පුද්ගලයෙකු සමඟ කලූපාට මෝටර් රථයකින් පැමිණ ඇගේ සිඟිති දරුවා තම නිවෙසේ බලෙන්ම දමා ගිය බවයි.


 
තම බිරිඳ තමන් අතහැර තවත් පුද්ගලයෙකු සමඟ මීට ටික කලකට පෙර පැනගිය බව දරුවාගේ පියා බව පවසන ස්වර්ණහංසවිල සුදුවැල්ල තුඩැල්ල යන ලිපිනයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු ජාඇල පොලිසියට පවසා ඇත. 

 

ඒ සමඟ තම කුඩා දරුවාද රැගෙන ගිය අතර ඉකුත් 28 දින තම බිරිඳ තමන්ට දුරකතන ඇමතුමක් ලබා දෙමින් අදාළ දරුවා සීදුව තම මවගේ ගෙදර දමා ආ බවත් ඉක්මනින් ගොස් දරුවා ගෙන යන ලෙසත් තමාට දැනුම්දුන් බවත් සඳහන් කර ඇති බව ජාඇල පොලිසියේ ප්‍රකාශකයෙක් කීය.


 
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කිසිවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන නොමැත.

 

 මේ අතර අදාළ සිද්ධියට සම්බන්ධ පැමිණිලිකරු පවුල් ආරවුලක් නිසා රිමාන්ඩ් භාරයේ සිට පැමිණි අයෙකු වන අතර අදාළ දරුවාගේ මවද මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම් සම්බන්ධව රිමාන්ඩ් භාරයේ සිට පැමිණි අයෙකු බව වාර්තා වන බවද ජාඇල පොලිසිය වැඩිදුරටත් පවසයි.

views

2751 Views

Comments

arrow-up