ජපානයෙන් ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

ජපානයෙන් ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර

ජපානයෙන් ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර

අගෝස්තු මාසය වනවිට ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු ඒ බව පැවසීය.

 

මේ අතර ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර සැපයීමට මූල්‍ය ආධාරයක් ලබාදීමට ජපානය තීරණය කර තිබේ. 

 

ඒ අනුව අත්‍යවශ්‍ය ඖෂධ හා ආහාර ලබාගැනීමට අමෙරිකානු ඩොලර් මිලියන 03ක මුදලක් ලබාදීමටයි තීරණය කර ඇත. 

 

ඉන් මිලියන 1.5 ක් ඖෂධ වර්ග 25 ක් ඉදිරි මාස දෙක තුළ ලබාගැනීමට යොදවනු ඇති. අත්‍යවශ්‍ය ආහාර ලබාගැනීම සදහා ඩොලර් මිලියන 1.5 ක මුදලක්ද ලබාදීමට නියමිතය.


මේ අතර වෙළද ගණුදෙනු සදහා ගෙවීම් සිදුකිරීමේදී ඉන්දීය රුපියල්වලින් එම ගණුදෙනු සිදුකිරීමට ශ්‍රී ලංකාවට ඉඩ ලබාදීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබේ. 

 

ඒ, පවතින තත්ත්වය හමුවේ ඉන්දීය අපනයනකරුවන් ශ්‍රී ලංකාවෙන් මුදල් ලබාගැනීමට යාමේදී මුහුණපාන ගැටළු හේතුවෙනි. 

 

කෙසේවුවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ පවතින අර්බුදකාරී තත්ත්වය අතරතුර ශ්‍රී ලංකාවේ සුවිශේෂි පිහිටීම හේතුවෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතා විශ්වාසය දිනාගැනීමේ උත්සාහයක නිරත වන බවයි. 

views

645 Views

Comments

arrow-up