හාස්‍යයට ගන්න දෙයක් නොවෙයි - වටප්‍රමාණය අනුව පොල් වෙන්කර තැබීම වෙළඳුන්ගේ කාර්යයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

හාස්‍යයට ගන්න දෙයක් නොවෙයි - වටප්‍රමාණය අනුව පොල් වෙන්කර තැබීම වෙළඳුන්ගේ කාර්යයක්

හාස්‍යයට ගන්න දෙයක් නොවෙයි - වටප්‍රමාණය අනුව පොල් වෙන්කර තැබීම වෙළඳුන්ගේ කාර්යයක්

පොල් ගෙඩියක ප්‍රමාණය මත මිල නියම කිරීම සඳහා නිකුත් කළ නිවේදනයේ අඩංගු කරුණු නිසි පරිදි තේරුම් නොගෙන හාස්‍යයට ලක් නොකරන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

 

එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා කියා සිටියේ අලෙවි කරන පොල්වල වටප්‍රමාණය අනුව පාරිභෝගිකයන්ට මිලදී ගැනිම සඳහා වෙන් කර තැබීම වෙළඳුන්ගේ කාර්යයක් බවයි.


රජය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පොල් ගෙඩියක් සඳහා රුපියල් 60 ත් 70 ත් අතර උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

 

ඒ අනුව, වට ප්‍රමාණය අගල් 12 ට අඩු පොල් ගෙඩි සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 60 ක් වන අතර වටප්‍රමාණය අගල් 12ත් 13 ත් අතර පොල් ගෙඩියක් විකිණිය හැක්කේ රුපියල් 65 කට පමණයි.

 

එසේම, වටප්‍රමාණය අගල් 13 ට වැඩි පොල් ගෙඩියක් සදහා රුපියල් 70 ක උපරිම මිලක් ද අදාළ ගැසට් පත්‍රය මගින් නියම කර තිබේ.

 

views

848 Views

Comments

arrow-up