මරණ දඬුවම ලැබූ ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්න බැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
31

මරණ දඬුවම ලැබූ ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්න බැහැ

මරණ දඬුවම ලැබූ ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්න බැහැ

මරණ දඬුවම නියමව සිටින පේ‍්‍රමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දිය නොහැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය වෙත දැනුම්දී තිබෙනවා.

 

අදාළ දැනුම් දීම අධිකරණ අමාත්‍යාංශය මගින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කළ බව අධිකරණ ඇමැති අලි සබ්රි මේ සම්බන්ධව අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

 

මෙවර මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කොට ජයග්‍රහණය කළ පේ‍්‍රමලාල් ජයසේකර ලබන 08 වැනිදා පාර්ලිමේන්තුවට රැගෙන ඒම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ඉකුත් 28 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන කළ නිවේදනය අනුව බන්ධනාගාර කොමසාරිස්වරයා අධිකරණ අමාත්‍යාංශයෙන් ඒ සම්බන්ධව කළ කරුණු විමසීමට පිළිතුරු ලෙසින් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශයට මෙම උපදෙස් ලබාදී තිබේ.

 

2015 වසරේදී සිදුවූ මිනීමැරුම් සිද්ධියකට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් ජූලි මස 31 වැනිදා පේ‍්‍රමලාල් ජයසේකර හට මරණ දඬුවම නියම කරනු ලැබුවා.

views

671 Views

Comments

arrow-up