කන්ටේනර් රථක් පෙරළී තාත්තයි දුවයි මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
24

කන්ටේනර් රථක් පෙරළී තාත්තයි දුවයි මරුට

කන්ටේනර්  රථක්  පෙරළී තාත්තයි දුවයි මරුට

නුවර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලගෙදර පොලීසිය ඉදිරිපිටදී සිදුවූ අනතුරකින් එකම පවුලේ පියා සහ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තිරිංග අක්‍රීය වූ කන්ටේනර් රථයක් රියදුරාට පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණි මෝටර් රථ දෙකක් මතට පෙරලී යාමෙන් ඊයේ (23) රාත්‍රියේ මෙම අනතුර සිදුවුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබු මෝටර් රථ දෙකේ ගමන් ගත් පුද්ගලයින් පස්දෙනෙක් සහ කන්ටේනර් රථයේ රියදුරු ගලගෙදර සහ පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කෙරුණා.

එහිදී එක් මෝටර් රථයක සිටි රියදුරු සහ ඔහුගේ කුඩා දියණියයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

ඔවුන් නිල්ලඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

 

views

796 Views

Comments

arrow-up