MAY
13
අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක්!

දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක් හටගෙන තිබෙනවා.
අද අලුයම හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා ඇති බවයි පොලීසිය පැවසුවේ.
මෙතෙක් කරන ලද විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ, ගින්නෙන් නඩු භාණ්ඩ ගබඩාවේ තිබු ලිපි ලේඛන කිහිපයක් විනාශ වී ඇති බවයි.
මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාවට පොලීසිය අනියුක්ත කර ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
726 Views
Comments