ලන්ඩනයේ සිටි තවත් ලාංකිකයින් 194ක් ලංකාවට රැගෙන එයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

ලන්ඩනයේ සිටි තවත් ලාංකිකයින් 194ක් ලංකාවට රැගෙන එයි

ලන්ඩනයේ සිටි තවත් ලාංකිකයින් 194ක් ලංකාවට රැගෙන එයි

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට එහි අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 194 දෙනෙකු රැගෙන , දෙවන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.


ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 504 දරන එම විශේෂ ගුවන් යානය අද අලුයම 3.05 ට ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත  ලඟා වුණා.


මෙම ගුවන් යානයෙන් පැමිණීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අතරමං වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද ලන්ඩන් වෙත පැමිණ තිබුණා.


මෙම සිසුන් සියලු දෙනා දුරස්ථභාවය රැකෙන පරිදි මෙම ගුවන් යානය තුළ අසුන් ගන්වා තිබූ අතර , ඔවුන් ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි වෙත පිවිසීමට පෙර විශබීජ හරණය කිරීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කටයුතු කර තිබුණා.

views

669 Views

Comments

arrow-up