සදුදා සිට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

සදුදා සිට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වේ

සදුදා සිට පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වේ

බස් අට ධාවනයට අවශ්‍ය ඩීසල් ලබාදීමට රජය විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකරන්නේ නම් එළඹෙන සදුදා දිනයේ සිට ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

 

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ මේ වන විටත් රට තුළ ඇති විසල් හිඟය දරුණු මට්ටමට පැමිණ ඇති බවයි.

 

"ප්‍රායෝගිකව මෙයට වැඩපිළිවෙලක් කරන්න තාමත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට හැකියාවක් ලැබිලා නෑ. අද වනවිට ධාවනය කරපු බස්වලින් හතරෙන් එකක් පමණක් ධාවනයේ යෙදෙන්නේ. සියලුම බස්රථ ඩීසල් පෝලිම්වල. මේ විදියට අපිට මේ ප්‍රවාහනය කරන්න බෑ. සේවක මහත්තුන්ට පඩි දෙන්න ඕනේ. කොවිඩ් එකත් එක්ක වසර ගණනාවක් ලීසිං ගෙවා ගන්න බැරි වුණා. මේ තත්ත්වය තුළ අපි දිගින් දිගටම කිව්වා පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාවය ලබාදෙන්න කියලා. මේ සතිය ඇතුළත අනිවාර්යයෙන්ම ඩීසල් ලබාදීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සැකසිය යුතුයි. ලංගමට ඩීසල් ආවේ නෑ. ඒ නිසා ඒ අයට අපට දෙන්න විදියක් නෑ. දැන් දරුවන්ගේ විභාගය ඉවරයි අපිට අකමැත්තෙන් වුවත් ධාවනය කරන බස්රථ ටිකත් නවත්වන්න සිද්ධවෙනවා."

 

 

 

 

 

 

views

661 Views

Comments

arrow-up