ප්‍රවීණ ගායක ක්ලැරන්ස් විජේවර්ධන නමින් මාවතක්

ප්‍රවීණ ගායන ශිල්පියකු, ගී පද රචකයෙකු සහ තනු නිර්මාණ ශිල්පියකු වූ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ 78 වන ජන්ම දින සැමරුම ඊයේ(03) යෙදී තිබූ අතර ඒ නිමිත්තෙන් මහරගම, තලපත්පිටිය ප්‍රදේශයේ ඇති ඔහු ජීවත්වූ නිවස පිහිටි මාර්ගය “ක්ලැරන්ස් විජේවර්ධන මාවත” ලෙස නම් කිරීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
එහිදී ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ අතින් එම මාර්ගයේ නාම පුවරුව විවෘත කෙරුණු අතර ක්ලැරන්ස් විජේවර්ධන මහතා දැයෙන් සමුගෙන මේ වන විට වසර 25 ක් ගතවී තිබේ.
ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මිය ද මෙම අවස්ථාවට අන්තර්ජාලය ඔස්සේ එක්වූ අතර කලාකරුවන් වන ජානක වික්‍රමසිංහ, රජීව් සෙබස්තියන්,ලිලන්ති කරුණානායක, විජේකොරයා, ආරියසිරි විතානගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
775 Views
Comments