ඊයේත් කොළඹින් ආසාදිතයන් 262 ක්

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඞ් ආසාධිතයන් 502 දෙනා අතුරින් 262 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
අලුත්කඬේ හා මට්ටක්කුළිය ප්‍රදේශවලින් හඳුනාගත් ආසාධිතයන් 42 දෙනා බැගින් ඊට අයත්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් 90 ක් – කලුතර දිස්ත්‍රික්කයෙන් 46 දෙනෙකු හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වු 15 දෙනෙකු ඊයේ ආසාධිතයන් අතරට අයත්.
නුවරඑළියේ 08 දෙනෙකු, කෑගල්ලේ 07 දෙනෙකු, බදුල්ලේ 06 දෙනෙකු හා කිළිනොච්චියේ 05 දෙනෙකුද ගතවූ පැය 24 තුළ ආසාධිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් 03 දෙනෙකු, කුරුණෑගල-ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලින් එක් අයෙකු බැගින්ද වෙනත් 55 දෙනෙකුද ඊයේ ආසාධිතයන් අතර වන බවයි කොවිඞ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ.
666 Views
Comments