දියේ ගිලී තරුණයෙක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
28

දියේ ගිලී තරුණයෙක් අතුරුදන්

දියේ ගිලී තරුණයෙක් අතුරුදන්

පාදුක්ක ලියන්වල ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් පුද්ගලයෙකු අතුරුදන්ව තිබේ.

 

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 21 හැවිරිදි වියේ පසුවූ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

 

හල්කඳවත්ත ප්‍රදේශයේ ඉඩමකින් කෙසෙල් කැනක් කපා සොරකම් කර පළායමින් සිටි තරුණයින් තිදෙනෙකු අතරින් එක් අයෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇත.

 

එහිදී ගම්වාසීන් මෙම තිදෙනා පසුපස හඹා යාමේදී දෙදෙනකු හල්කදවත්ත ප්‍රදේශය හරහා ගලා බසින පුස්ඇලි ඔයට පැන පිහිනා යාමට උත්සාහ කර ඇති බව වාර්තාවෙයි.

 

ඒ වනවිටත් ඔයේ ජල මට්ටම වැඩිවී තිබීම හේතුවෙන් ඉන් එක් අයෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ.

 

ප්‍රදේශවාසීන් විසින් එහිදී අනෙක් පුද්ගලයින් දෙදෙනා අල්ලා පොලීසියට භාරදී ඇත.

 

එහිදී සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇත්තේ සංගීත ප්‍රසංගයක් නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර මිලදීගැනීමට ඔවුන් විසින් මෙලෙස කෙසෙල් කැනක් සොරකම් කර ඇති බවය.

 

පොලිස් නාවික කොට්ඨාසය විසින් අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා මෙහෙයුමක් ආරම්භ කළ ද මේ දක්වා අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයාගැනීමට නොහැකිව ඇත.

 

මීගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

views

138 Views

Comments

arrow-up