තල්දූව ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියේ හේතුව එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
22

තල්දූව ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියේ හේතුව එළියට

තල්දූව ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියේ හේතුව එළියට

අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේදී ඊයේ (20) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.

 

යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු එල්ල කළ මෙම වෙඩි ප්‍රහාරය දැනට ඩුබායි හි රැඳීසිටින 'මන්නා රමේෂ්' නම් අපරාධකරු විසින් මෙහෙයවා ඇති බවට සැක කරයි. 

 

අවිස්සාවේල්ල, තල්දූව, ගුරුපස්ගොඩ වංගුව අසලදී ඊයේ (20) රාත්‍රී 11.15ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

 

එහි ඉලක්කය වී තිබුණේ ත්‍රීරෝද රථයකින් අවමගුල් උත්සවයකට යමින් සිටි පිරිසකි.

 

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා ඔවුන් වෙතට ටී 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.

 

එලෙස වෙඩි ප්‍රහාර 25ක් පමණ ඔවුන් වෙතට එල්ලකර තිබේ.

 

පොලීසිය පැවසුවේ ඉන් ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර ඒ වනවිටත් ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී සිටි බවය.

 

එලෙස ඝාතනයට ලක්වී තිබුණේ ඉෂංක චාමික නමැති 27 හැවිරිදි තරුණයෙක් සහ ධනුෂ්ක ප්‍රේමලාල් හෙවත් 'පුතා' නමැති 38 හැවිරිදි පුද්ගලයෙකු බවය.

 

කෙසේවෙතත් වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ බවට පොලීසිය සැකකරන අවන්ත ඉරෝෂන නමැත්තාගේ පාදයට පමණක් එහිදී වෙඩි ප්‍රහාරය එල්ලවී තිබේ.

 

පොලීසිය පැවසුවේ ඔහුගේ පාදයට වෙඩි ප්‍රහාර 05ක් පමණ එල්ලවී ඇති බවය.

 

තුවාල ලැබූ සෙසු පුද්ගලයාගේ මුඛයට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබූ අතර ඉන් ඔහුගේ දත් කිහිපයක් කැඩී ගොස් තිබේ.

 

වෙඩි ප්‍රහාරයෙන් පාදය තුවාල ලැබූ අවන්ත ඉරෝෂන නමැත්තා ඉලක්ක කරගෙන මන්නා රමේෂ්ගේ පාර්ශ්වය මීට පෙරද වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර එම අවස්ථාවේදීද තුවාල ලබා දිවිබේරා ගැනීමට ඔහු සමත්වී තිබුණි.

 

තුවාල ලැබූ පුද්ගලයා මන්නා රමේෂ්ගේ සහෝදරයාට පරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පළිගැනීම සඳහා මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට සැකකෙරෙයි.

views

256 Views

Comments

arrow-up