කරාපිටිය හා අකුරැස්සේ 50 දෙනෙකු දියතලාවට රැගෙන යයි

කොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා වයිරසයට ගොදුරු වී ඇතැයි සැක පිට කරාපිටිය හා අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයින් 50 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (6) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව කියයි.
යුද හමුදා අධික්ෂණය යටතේ මෙම පිරිස පළමුවන ගැන ගැමුණු හේවා බල ඇණි නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනය සඳහා යොමුකළ බව දිය තලාව යුධ හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකු පැවසුවා.
පිරිමි 17ක්, ගැහැණු 17ක් ගැහැණු ළමුන් 9ක් පිරිමි ළමුන් 7ක් මෙම කඳවුරට ඇතුළත් කර තිබෙනවා.
දියතලාව යුද හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානවල මීට පෙර නිරෝධායනය වූයේ විදේශ රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින්.
665 Views
Comments