විශේෂ වැටලීමකදී මත්කුඩු කිලෝ 100ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

වීරකැටිය ප්‍රදේශයේදී පොලීසිය අද (22) උදෑසන සිදුකළ වැටලිමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 101කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වීරකැටිය පොලීසියට ලද තොරතුරක් මත අද උදෑසන මෙම වැටලිම සිදුකරනු ලැබුවේ විරකැටිය අතුබෝදේ ප්‍රදේශයේ නිවසකය.
එහිදි නිවස තුළ තිබි පැකට් ලෙස අසුරා තිබු හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 101 අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.
56 Views
Comments