සජබ නුවර රැලියේ රතිඤ්ඤා පුපුරා 9කට තුවාල
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

සජබ නුවර රැලියේ රතිඤ්ඤා පුපුරා 9කට තුවාල

සජබ නුවර රැලියේ රතිඤ්ඤා පුපුරා 9කට තුවාල

සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පිණිස මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ ඉදිරිපිට ඊයේ (09) පැවති ජන රැලිය අතරතුර සමගි ජනබලවේගයේ ආධාරකරුවන් පිරිසක් පත්තු කළ රතිඤ්ඤා පුපුරා යෑමෙන් පිළිස්සුම් තුවාල ලද පොලිස් නිලධාරින් හත් දෙනකු ඇතුළු පුද්ගලයින් 09 දෙනකු ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

 

මෙම රැස්වීම ඊයේ පස්වරු 3.00 ට පමණ ආරම්භ විය. රැස්වීම් භූමියට පැමිණෙමින් සිටි සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන් නගර ස්ථාන කිහිපයක රතිඤ්ඤා දල්වනු ලැබුවේ පොලිස් අණ ද නොතකමිනි.

 

තුවාලකරුවන් කිසිවකුත් බරපතළ තත්ත්වයේ නොමැති බවත් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඔවුනට ප්‍රතිකාර ලබාදුන් බවත් මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

views

226 Views

Comments

arrow-up