යාල රක්ෂිතයේ ජාන හොරකමට වැරදිකරුවන් වූ ඉතාලි පිය පුතු දෙපළට කෝටි 6ක දඩයක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
04

යාල රක්ෂිතයේ ජාන හොරකමට වැරදිකරුවන් වූ ඉතාලි පිය පුතු දෙපළට කෝටි 6ක දඩයක්

යාල රක්ෂිතයේ ජාන හොරකමට වැරදිකරුවන් වූ ඉතාලි පිය පුතු දෙපළට කෝටි 6ක දඩයක්

යාල ජාතික වනෝද්‍යානය ආසන්න රක්ෂිත ප්‍රදේශයක බත්කූරන් ඇතුළු කෘමි සතුන් අල්ලා ඉතාලියට රැගෙන යෑමට තැත්කළ ඉතාලි ජාතික පිය-පුතු දෙපළක් වැරදිකරු කරමින් රුපියල් හය කෝටි එක්ලක්ෂ අසූ දහසක දඩ මුදලක් තිස්සමහාරාම මහෙස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා මහතා විසින් ඊයේ (03) නියම කරන ලදී.

 

මෙලෙස දඩ මුදල් නියම වූයේ වයස අවුරුදු පනස් අටක් වන පෙරාරි ලුයිගි හා වයස අවුරුදු 28ක් වන පෙරාරි මාටියා යන ඉතාලි ජාතික පිය-පුතු දෙපළක් හටයි.

 

මෙම දඩ මුදල තිස්සමහාරාම අධිකරණ ඉතිහාසයේ නියම කරන ලද විශාලතම දඩ මුදල බව තිස්සමහාරාම අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

 

දඩ මුදල ඊයේ ගෙවීමට කටයුතු කළ හැකිද යන්න විමසා සිටි අතර ඒ සඳහා පිළිතුරු දෙමින් විත්තියේ නීතිඥවරුන් සඳහන් කළේ ගෙවීමට මුදල් නොමැති බවය.

 

එසේ නම් කොටසක් හෝ ගෙවීමට හැකි ද යන්න මහෙස්ත්‍රාත්වරයා විමසා සිටි අවස්ථාවේදී ද විත්තියේ නීතිඥවරුන් සඳහන් කළේ කොටසක් හෝ ගෙවීමට හැකියාවක් නොමැති බවය.

 

එම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම මස 29 වැනිදා දඩ මුදල ගෙවන ලෙසට නියෝග කළේය. දඩ මුදල ගෙවන තෙක් මෙම විදෙස් ජාතිකයන් දෙපළට රටෙන් පිටව යෑමට කිසිදු අවසරයක් නොමැති බව ද සඳහන් කළේය.

views

191 Views

Comments

arrow-up