ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාෂික්ගේ පුතා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
28

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාෂික්ගේ පුතා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාෂික්ගේ පුතා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාෂික් නැමැත්තාගේ පුතා වන නදීන් බාෂික් නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔහු ඊයේ (27) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙමින් සිටිය දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ 'ගෝඩ් ෆාදර්' ලෙස සැලකෙන ශිරාන් බාෂික් නැමැත්තා ලංකාවට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස ප්‍රසිද්ධිය.

 

ඔහුගේ පුතා වන අත්අඩංගුවට පත්වූ නදීන් බාෂික් නැමැත්තා පසුගිය පෙබරවාරි මස 16 වන දින වැල්ලවත්ත නිවාස සංකීර්ණයක සිදුකළ වැටලීමකදී රාජකාරියේ යෙදී සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීයෙකු අනතුරට පත් කර පොලිස් යතුරු පැදියක් හප්පා පළා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි අයෙකි.

views

190 Views

Comments

arrow-up