පැල් රකිමින් සිටි තම පියාට දරුවන් උදෑසන ආහාර ගෙන එද්දී අලියෙකුගේ පහරදීමෙන් පියා අවසන් ගමනේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
14

පැල් රකිමින් සිටි තම පියාට දරුවන් උදෑසන ආහාර ගෙන එද්දී අලියෙකුගේ පහරදීමෙන් පියා අවසන් ගමනේ

පැල් රකිමින් සිටි තම පියාට දරුවන් උදෑසන ආහාර ගෙන එද්දී අලියෙකුගේ පහරදීමෙන් පියා අවසන් ගමනේ

සියඹලෑව, ගල්ගමුව පදිංචි ඒ. එච්. අබේරත්න නමැති 42 සිව්දරු පියෙකු පසුගිය දා අලු‍යම වල් අලියකු පහර දීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. 

 

තම කුඹුරෙහි තිබූ ගොයම් කපා ඇති අතර තවත් ලියැදි කිහිපයක් කැපීමට ඉතිරිව තිබීම නිසා ඔහු රාත්‍රීයේ පටන් තම කුඹුරෙහි ඇති බිම් පැලහි පැල් රැක තිබේ. 


අලු‍යම් කාලයේ පැමිණි වල් අලියෙකු මොහුව පැලෙන් ඉවතට ගෙන ඇදගෙන ගොස් පාගා ජීවිතක්ෂයට පත් කොට ඇත. 

 

උදෑසන දරුවන් ආහාර රැගෙන කුඹුරට පැමිණි අවස්ථාවේ තම පියා මරණයට පත්ව ඇති අයුරු දැක තිබේ.

 

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම වසර තුළ වන අලි පහරදීමෙන් මිය ගිය පස්වන ගොවි මරණය ලෙස මෙම මරණය වාර්තා වෙයි. 


මේ සම්බන්ධයෙන් කිසිවකුගෙත් අවධානය යොමු නොවීම ඉතාමත් ඛේදනීය තත්වයකි. 

 

තවත් දරුවන් හතර දෙනකුට තම පියා අහිමිවීම පමණක් නොව ඔහුන්ගේ අනාග

views

263 Views

Comments

arrow-up