නිවසට පැමිණ තරුණ දෙදරු මව දූෂණය කළ පුද්ගලයාට ලැබුණු දඬුවම මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

නිවසට පැමිණ තරුණ දෙදරු මව දූෂණය කළ පුද්ගලයාට ලැබුණු දඬුවම මෙන්න

නිවසට පැමිණ තරුණ දෙදරු මව දූෂණය කළ පුද්ගලයාට ලැබුණු දඬුවම මෙන්න

දෙදරු මවක් දූෂණය කල අයෙකු අල්ලා ගස් බැඳීමේ පුවතක් මාරවිල ප්‍රදේශයෙන් වාර්තාවේ.

 

පැමිණිලිකාරිය වන දෙදරු මව 25 හැවිරිදි කාන්තාවකි. ඇයගේ සැමියා හාල්පන්විල ප්‍රදේශයේ රැකියාව කරන බවත් ඔහුගේ මිතුරෙකු වන අයෙකු නිතර නිවසට පැමිණෙන බවත් ඉකුත් 18 වැනිදා සවස 3.00 ට පමණ මොහු බීමත්ව තම නිවසට පැමිණි බවත් එම අවස්ථාවේ තමා දරු දෙදනා සමඟ සාලයේ සිටි බවත් පොලිසියට ලැබුණු පැමිණිල්ලේ දක්වා ඇත.

 

එම පුද්ගලයා සාලයේ සිටි තමාව එකවර ඔසවාගෙන කාමරයට රැගෙන ගිය බවත් තමා ඊට විරුද්ධ වෙමින් දඟලමින් කෑගැසූ අවස්ථාවේ පිහියක් පෙන්වා කෑගැසුවොත් මරණ බවට තර්ජනය කරමින් තමා දූෂණය කළ බවත් ඇය කළ පැමිණිල්ලේ දැක්වේ. 


අනතුරුව පොර බදා ඔහුගෙන් බේරී අසල නිවසට කෑගසමින් දුවගොස් ප්‍රදේශවාසීන් සමඟ පැමිණ අදාළ පුද්ගලයා අල්ලා ගස් බැන්ද බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් දැක්වෙයි. 


මාරවිල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්‍ෂක අයිරාංගනී මහත්මිය පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකර මාරවිල හාල්පන්විල පදිංචි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

views

738 Views

Comments

arrow-up