ඊයේ නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද සංශෝධනය කෙරේ - දැමූ සීමාත් ලිහිල් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
19

ඊයේ නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද සංශෝධනය කෙරේ - දැමූ සීමාත් ලිහිල් කරයි

ඊයේ නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද සංශෝධනය කෙරේ - දැමූ සීමාත් ලිහිල් කරයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කළ මාර්ගෝපදේශයන් අද නැවතත් සංශෝධනය කර තිබෙනවා.

 

ඊයේ නිකුත් කළ මාර්ගෝපදේශයන්හි සාප්පු සංකීර්ණ වසා තැබිය යුතු බවට නියම කර තිබු නමුත් එම තීරණය අද සංශෝධනය කර තිබෙනවා.

 

ඒ අනුව සාප්පු සංකීර්ණයෙන් 25%ක ධාරිතාවයට යටත්ව ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගැනීමට අවසර හිමි වනවා.

 

එලෙස එක් වරකට ඇතුළත් කරගත හැකි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව ආයතනයෙන් පිටතට ප්‍රදර්ශනය කල යුතු වන අතර එම සීමාවන් තදින්ම අනුගමනය කළ යුතුය.

 

සාප්පු සංකීර්ණ තුළ  හෝ පිටත විනෝදාස්වාදයන්ට අවසර නැත.

views

1124 Views

Comments

arrow-up