අත්බෝම්බයක් පුපුරා දරුවන් දෙදෙනෙක්ට තුවාල

මන්නාරම මඩු ප්‍රදේශයේදී කිසියම් ද්‍රව්‍යයක් පුපුරා යාමෙන් කුඩා දරුවන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තම මිත්තණිය සමග නිවස ආසන්නයේ දර කැඩීමට ගිය අවස්ථාවක හමුවූ උපකරණයක් සමග දරුවන් සෙල්ලම් කිරීමේදී පිපිරීම සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
තුවාල ලබා ඇත්තේ ඉරනඉලුප්පෙයිකුලම් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 12ක් සහ 10ක් වයසැති ළමුන් දෙදෙනෙක්.
ඔවුන් වව්නියාව රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පොලිසිය සඳහන් කර ඇත්තේ යුද සමයේ අත්හැර දමා ගිය අත් බෝම්බයක් වැනි යමක් පිපිරී මෙම ළමුන් තුවාල ලබන්නට ඇතැයි සැක කරන බවයි.
සිද්ධිය පිළිබඳ මඩු පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.
725 Views
Comments