රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
අද (19) අලුයම දෙහිවල ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ පුත්තලම ප්‍රදේශයේ අවනැන් වූවන් පිරිසක් ඡන්දය භාවිතා කිරීම සඳහා ලංකා ගමන ගමන මණ්ඩලයේ බස් රථ යොදා ගැනිම මඟින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණි.
ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම 06ක් රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනිම සඳහා යෙදවූ බව පොලීසිය සඳහන් කළේය.
822 Views
Comments