JUN
24
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද(24) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
එක් දින සේවාව යටතේ හැදුනුම්පත් ලබා ගැනීමට වේලාවන් වෙන්කර තිබිය දී අදාල හැඳුනුම්පත් නිකුත් කිරීමට නිලධාරීන් සේවයට වාර්තා කර නොතිබීම මෙයට හේතුවයි.
කෙසේ වෙතත් අද දින සේවාව ලබා ගැනීම සඳහා පැමිණ සිටි පුද්ගලයන් මේ හේතුවෙන් දැඩි ලෙස අපහසුවකට පත් වූ අතර එහිදී උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවී තිබෙනවා .
294 Views
Comments