ලොරියක ගැටී සද්දන්තයා ඇතාගේ අඩි 5ක් දිග දළය කැඩෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

ලොරියක ගැටී සද්දන්තයා ඇතාගේ අඩි 5ක් දිග දළය කැඩෙයි

ලොරියක ගැටී සද්දන්තයා ඇතාගේ අඩි 5ක් දිග දළය කැඩෙයි

හබරණ, මරදන්කඩවල, රිටිගල 11 මාර්ගයේ පෙරේදා (06) උදේ 6ට පමණ ලොරියක වන අලියකු ගැටීමෙන් ඇතාගේ එක් දළක් ගැලවී ඇති බව හබරණ පොලිසිය කියයි.

 

ටාටා වර්ගයේ තට්ටු ලොරියේ පිටුපස ඇතා ගැටීමෙන් අනතුර සිදුවූ ස්ථානයේම අඩි 5යි අඟල් 4 පමණ දිගැති ඇතාගේ එක් දළක් මාර්ගයේ වැටී තිබුණ බවද අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන හබරණ පොලිසියේ නිලධාරීයකු සදහන් කළේය.

 

අනතුරින් පසු තුවාල ලැබූ ඇතා කැලෑව තුළට ගොස් තිබුණි. ඇතාගේ ඇත් දළය සහ අනතුරට පත්වූ ලොරිය වැඩිදුර විමර්ශන සඳහා කැකිරාව වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

අනතුරට ලක්වී ඇත්තේ හබරණ බෙලන්කඩවල ප්‍රදේශයේ ලොරි රථයකි. හබරණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

100 Views

Comments

arrow-up