අයිස් මත්ද්‍රව්‍යයට අද සිට මරණ දඬුවම

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව අධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කිරීම අද (24) සිට ක්‍රියාත්මක වේ.
පාර්ලිමේන්තුවේදී ඉකුත් ඔක්තෝබර් 19 වැනිදා සම්මත වූ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ (23) අත්සන් කිරීමත් සමග මෙය බලාත්මක විය.
කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වූ අධිකරණ බන්ධනාගාර හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ සඳහන් කරනු ලැබුවේ නව පනත ප්‍රකාරව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් සන්තකයේ තබාගෙන වරදකරුවන් වන පුද්ගලයන්ට එරෙහිව මරණීය දණ්ඩනය නියම කෙරෙන බවය.
කථානායකවරයා අත්සන් තැබීමත් සමග නව පනත 2022 අංක 41 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ වර්ග (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
අයිස් මත්ද්‍රව්‍යය ශ්‍රි ලංකාවට ආධුනික මත්ද්‍රව්‍යයක් වූ බැවන් කොතෙක් විනාශකාරී වුවද නව සංශෝධනයට පෙර විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ සඳහා වූ පැරැණි පනත මගින් මරණීය දණ්ඩනය නියම කෙරුණේ හෙරොයින්වලට පමණි.
276 Views
Comments