මල්වාන නඩුවෙනුත් බැසිල් නිදහස් වන ලකුණු

දොම්පේ, මල්වාන, මාපිටිගම ප්‍රදේශයේ අක්කර 10ක් මිළට ගෙන එහි සුවිසල් නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනාට එරෙහි නඩුව සම්බන්ධයෙන් මින් ඉදිරියට සාක්ෂි විමසීමක් සිදු නොකරන බව නීතිපති දෙපාර්තුමේන්තුව ඊයේ (25) ගම්පහ මහාධිකරණයට දැනුම් දුන්නා.
ඒ අදාළ නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේ ඊයේ කැඳවනු ලැබු අවස්ථාවේදියි.
නඩුව කැඳවු අවස්ථාවේ එහි ප්‍රධාන සැකකරුවන් ලෙස නම් කර සිටින බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේසන් යන දෙදෙනා ද මහාධිකරණය හමුවේ පෙනී සිටියා.
765 Views
Comments