අධිවේගයෙන් ගිය ත්‍රිරෝදයේ අම්මා සමඟ ගිය දරුවා එයටම යටවී අවසන් ගමන් යයි

යාපනයේ කන්කසන්තුරේ පාරේ චුන්නාකම් හන්දියේදී ත්‍රිරෝද රථයක් පෙරළීම හේතුවෙන් වයස අවුරුදු දෙකක කුඩා දරුවකු එම ත්‍රිරෝද රථයටම යටවී 24 දා මියගොස් තිබේ.
මවක් සිය දරුවා සමග නිවසට යෑම පිණිස ත්‍රිරෝද රථයක් චුන්නාකම් හන්දියෙන් කුලියට ලබාගෙන, මරදනාමඩම් ප්‍රදේශය වෙත යමින් සිටියදී, ත්‍රිරෝද රථය පෙරළී ගොස් තිබේ.
මේ අවස්ථාවේදී රථයේ සිටි කුඩා දරුවා රථයෙන් ඉවතට වීසිවී යෑමෙන් පසුව එයටම යටවී ඇත.
මේ සිද්ධියේදී මව හා දරුවා ද ත්‍රිරෝද රථ රියැදුරා ද තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවා
මියගොස් තිබේ. ත්‍රිරෝද රථය පෙරළී ගොස් ඇත්තේ, රියැදුරා අධික වේගයෙන් පැමිණ කාන්තාවගේ නිවසට යායුතු මාර්ගයේ අතුරු පාරකට එම වේගයෙන්ම ත්‍රිරෝද රථය හැරවීමට යෑම නිසා බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
207 Views
Comments