බිහිසුණු ඛේදවාචකයකින් දිවි ගලවාගත් පාදුක්කේ පවුල

පාදුක්ක වටරැක දේවාල පාර ප්‍රදේශයේ නිවසක සිදුවීමට ගිය බිහිසුණු ඛේදවාචකයකින් දිවි ගලවා ගැනීමට පවුල් සමත් වී තිබේ.
ඔවුන්ගේ නිවස මතට ඊයේ (04) රාත්‍රියේ අනාරක්ෂිත ලෙස ඉදිකර තිබූ බැම්මත් කඩා වැටේ තිබේ.
ඒ වනවිටත් නිවසේ හිමිකරු සහ දරුවන් දෙදෙනා නිවස තුළ නිදාගෙන සිට තිබේ.
කඩා වැටී ඇති බිත්තිය අසල නිදාගෙන සිටි නිවසේ හිමිකරුගේ පාදයේ ගල් කැටයක් වැදීමත් සමග ම ඔහු අවදි වී ඇත.
ඉක්මණින් ම ක්‍රියාත්මක වූ ඔහු දරු දෙදෙනාව ද රැගෙන නිවසින් පිටතට පැන දිවි බේරා ගැනීමට සමත්ව තිබේ.
මෙලෙස තම නිවස මතට කඩාගෙන වැටී ඇති බැම්ම අනාරක්ෂිත ලෙස ඉදිකරන ලද එකක් බව නිවෙස් හිමියන් චෝදනා කරයි.
313 Views
Comments