සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18

සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18

සාමාන්‍ය පෙළ විභාගය සැලසුම් කළ පරිදි ලබන වසරේ ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සදහන් කළා.

 

මේ අතර, පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සියලුම පළාත්, කලාප සහ කොට්ඨාස අධ්‍යාපන බලධාරින් අතර සාකච්ඡාවක් ඊයේ (06) පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්. දුරස්ථභාවය සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදය අනුව පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා අදහස් විමසා තිබෙනවා.

 

එහිදී සියලු පාසල්වල සිසුන් සියයට 50 බැගින් ගෙන්වා ගෙන පාසල් වේලාව වෙනස් නොකර පැවැත්වීම සම්බන්දයෙන් අවධානය යොමුව ඇති බව සදහන්.

 

රජයේ පාසල්වල තුන්වන වාරය නොවැම්බර් 9 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත් කොරෝනා අවදානම හේතුවෙන් එය සති දෙකකට කල් තැබුණා.

 

 

views

797 Views

Comments

arrow-up