අක්‍රීයව ඇති PCR යන්ත්‍රය අලුත්වැඩියාවට චීන කණ්ඩායමක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

අක්‍රීයව ඇති PCR යන්ත්‍රය අලුත්වැඩියාවට චීන කණ්ඩායමක්

අක්‍රීයව ඇති PCR යන්ත්‍රය අලුත්වැඩියාවට චීන කණ්ඩායමක්

දැනට අක්‍රීයව පවතින බව කියන පී සී ආර් පරීක්ෂණ යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා චීන තාක්ෂණික කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබෙනවා.

 

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිකුත් කල ට්විටර් සටහනක දැක්වෙන්නේ දැනට මෙරට ඇති සියලුම PCR යන්ත්‍ර පරීක්ෂා කර නඩත්තු කිරීමටද ඔවුන් කටයුතු කරමින් සිටින බවයි.

 

මෙරට රජය කළ ඉල්ලීමකට අනුවයි මෙම කණ්ඩායම පැමිණ ඇත්තේ. 24 පැය පුරාම ක්‍රියාත්මකවීම හේතුවෙන් මෙරට පී සී ආර් යන්ත්‍රයක් මේ වනවිට අක්‍රීය වී තිබෙනවා.

 

ඒ අනුව පරීක්ෂණ ප්‍රථිඵල ලබා ගැනීමේ ප්‍රමාදයක් පවතින බවටයි වාර්තා පළ වී ඇත්තේ.

 

 

views

746 Views

Comments

arrow-up