මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් යාපනයේ පාසල් සිසුවෙකු බිලි ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
01

මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් යාපනයේ පාසල් සිසුවෙකු බිලි ගනී

මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් යාපනයේ පාසල් සිසුවෙකු බිලි ගනී

යාපනය කෝපායි ප්‍රදේශයේ පාසලක 15 හැවිරිදි පාසල් සිසුවෙකු හදිසියේ රෝගාබාධයක් හේතුවෙන් යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

 

ඔහුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිව ඇත්තේ ඔහු විෂ මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ලබා ගෙන ඇති බවයි.

 

කාලයක සිට ඔහු විෂ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහිව ඇති අතර ඔහු ඉකුත් සතියේ හදිසියේ රෝගාබාධයකට ලක්ව තිබෙනවා.

 

මෙම මරණය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විමර්ශන ආරම්භ කොට ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

views

252 Views

Comments

arrow-up