9 වන කොරෝනා ආසාදිත මරණය ගැන තවත් තොරතුරු

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසාඅද (05) දිනයේ මිය ගිය කාන්තාව අසනීප තත්ත්වයෙන් යුතුව මාසයක පමණ කාලයක් නිවසේ රැඳී සිට ඇති බව වාර්තා වනවා. ඒ අනුව ඊයේ(04) රාත්‍රීයේ දී එම කාන්තාවට ස්වසන රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුනා.
පසුව අද (05) අලුයම 1 ට පමණ ඇය අයි.ඩී.එච් රෝහල වෙත මාරුකර යවි තිබූ අතර, ඉන් අනතුරුව ඇය දැඩි සත්තාකර ඒකකයට ඇතුළු කර තිබෙනවා. ඒ අනුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් 12.50ට පමණ ඇය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හවිරීදි කාන්තාවක් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ ව්‍යෛ අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවේ වාර්තා වන කොරෝනා ආසාදිත 9 වන මරණය මෙය වන අතර ඊයේ දිනයේ දී මෙරට 8 වන කොරෝනා මරණය සිදුවූ අතර එම කාන්තාව කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවකි.
මේ අතර මේ වන විට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 755 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලැබු ආසාදිතයින් ගණන 197 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
965 Views
Comments