ඇඳිරිනීතිය කැඩූ හතලිස් එක් දහස් පන්සියකට වැඩි පිරිසක් අත්අඩංගුවේ

ඇඳිරිනීතිය උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනිමේ වැටලීම් අඛණ්ඩව සිදු කෙරෙනවා.
අද (29) උදෑසන 6.00 න් අවසන්වු පැය 24 තුළ 554 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ අනුව මේ දක්වා හතලිස් එක් දහස් පන්සියකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.
ඇඳිරිනීතිය ලිහිල් කරන ප‍්‍රදේශවල ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් තවදුරටත් කටයුතු කිරිමේ අවශ්‍යතාව ද අජිත් රෝහණ මහතා පෙන්වා දෙනවා.
මෙහෙයුම් සඳහා සිවිල් ඇදුමින් ද පොලිස් නිලධාරින් යොදවා තිබෙනවා. ජාතික හදුනුම්පතේ අවසාන අංකය අනුව බැහැරට යාම සදහා හිමිව ඇති අවස්ථාව නිසි වගකිමෙන් යුතුව භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
695 Views
Comments