ළඟ ලගම පැය 12ක විදුලි කප්පාදුවක් එනවා
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
27

ළඟ ලගම පැය 12ක විදුලි කප්පාදුවක් එනවා

ළඟ ලගම පැය 12ක විදුලි කප්පාදුවක් එනවා

 

ලබන වසරේදී ගල් අගුරු හා ජල සංචිත ප්‍රමාණවත්ව නොලැබෙන්නේ නම් පැය 12 කට 13ට ආසන්න කාලයකට විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

 

සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ එම තත්වයය වැළැක්වීමට මෙතෙක් කිසිදු ගැනීමට බලධාරීන් කටයුතු කර නැති බවයි.

 

එන වසරේ මාර්තු පමණ වන විට තවත් මෙගාවොට් 300 ක බලාගාරයක් ජාතික පද්ධතියට එක් කිරීමට සූදානමින් සිටියද ඊට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම ගැටලුවක් වේ දැයි සැක සහිත බවත් ඔහු කියයි.

 

එන වසරේ ද බලශක්ති අර්බුදයක් ඇති වීමේ ප්‍රවණතාවක් ඇති නිසා ඉන්ධන සපයා ගැනීම විශාල අභියෝගයක් වනු ඇතැයිද ඔහු තව දුරටත් පැවසීය.

views

239 Views

Comments

arrow-up