විදුලි අර්බුදයට ජනපති ගෝඨාභයගෙන් විසඳුම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

විදුලි අර්බුදයට ජනපති ගෝඨාභයගෙන් විසඳුම්

විදුලි අර්බුදයට ජනපති ගෝඨාභයගෙන් විසඳුම්

විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබේ.

 

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් හෝ පෞද්ගලික ආයතන මඟින් බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇත.

 

ඊයේ (28) පස්වරුවේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම උපදෙස් ලබා දී තිබේ.

 

ඒ අනුව ලබන 05 වන දින සිට කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

views

636 Views

Comments

arrow-up