භානුක අපිට ඕන - ප්‍රේක්ෂකයෝ ක්‍රිකට් බෝඩ් එක දෙවනත් කරයි

ඉන්දියාවට එරෙහිව ලක්නව්හිදී මේ මස 24 වැනිදා ආරම්භ වන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්‍ෂ ඇතුළත් නොකිරීමට විරෝධ පළ කරමින් ක්‍රීඩා ලෝලීහූ පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට අද (22) පස්වරුවේ උද්ඝෝෂණයක් කළහ.
‘භානුකට සාධාරණය ඉටු කරනු’, ‘ඇග බැලුවනන් 96 අර්ජුනත් නෑ වර්ල්ඩ් කප් එකත් නෑ’ සහ ‘ක්‍රීඩා ඇමතිතුමනි භානුක වෙනුවෙන් සාධාරණය ඉටුකරනු’ ලෙස සඳහන් පුවරු පුදර්ශනය කරමින් එහිදී ක්‍රීඩා ලෝලීහූ උද්ඝෝෂනයෝ නිරත වූහ.
ශරීරියේ මේද ප්‍රමාණය මැනීමේ පරීක්‍ෂණයෙන් භානුක රාජපක්‍ෂ අසමත් වීම නිසා සංචිතයෙන් ඉවත් කිරීමට තේරීම් කමිටුව කටයුතු කළේය.
650 Views
Comments