පාසල් සිසුවියන් දෙදෙනෙක් අතුරුදහන්

අම්පාර, ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බව සඳහන් වේ.
ඒ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුවන බව පොලීසිය සඳහන් කළේ සමීපව ඇසුරුකළ එම සිසුවියන් දෙදෙනා 16හැවිරිදි වියේ පසුවන බවයි.
පසුගිය 15 වනදා එක් සිසුවියක් පාසල් යන බව පවසා අනෙක් සිසුවියගේ නිවසට පැමිණ තිබෙන බව සඳහන් වේ.
එදින උදෑසන පාසල් සිසුවියන් දෙදෙනා උපකාරක පන්තියකට යන බව පවසමින් නිවසින් පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.
දැරියන් දෙදෙනා යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඉගිනියාගල පොලීසියට එක් දැරියකගේ මිත්තණිය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉගිනියාගල පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.
මේ අතර සිසුවියන් දෙදෙනා නිවසින් පිටත් වු දිනට පසු දින ඔවුන් වෙනත් මිතුරෙකුට දුරකතන ඇමතුමක් ලබාදෙමින් තමන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ සිටින බවට ප්‍රකාශ කර තිබේ.
327 Views
Comments