JAN
27
විදුලි කප්පාදුවට එරෙහිව මානව හිමිකම් කොමිසම නඩු මඟට

ඇති කරගත් එකඟතාව කඩකරමින් විදුලිය කප්පාදු කිරීම හේතුවෙන්, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සහ විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරින්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරීමට තීරණය කර ඇතැයි මානව හිමිකම් කොමිසම පවසයි.
ඒ, අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා අඛණ්ඩව විදුලි බල සැපයුමක් ලබාදීමේ විධානය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙනි.
ඒ අනුව අදාළ කොමිසම දැනුම් දෙන්නේ ඊට අදාළ සහතික ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (27) දින යොමු කළ බව එම කොමිසම සදහන් කරයි
198 Views
Comments