පාරේ වැරදි කරන රියදුරන්ගේ දඩ කොළය ගෙදරටම එවන්න සැලසුම් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

පාරේ වැරදි කරන රියදුරන්ගේ දඩ කොළය ගෙදරටම එවන්න සැලසුම් කරයි

පාරේ වැරදි කරන රියදුරන්ගේ දඩ කොළය ගෙදරටම එවන්න සැලසුම් කරයි

පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මඟින් රථ වාහන වැරදි සම්බන්ධයෙන් නිවසටම දඩ පත්‍රිකාවක් යැවීමේ ක්‍රියාදාමය කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

 

මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ, මොටර් රථ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව එක්ව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

 

කොළඹ නගරය ආවරණය වන පරිදි මංසන්ධි 33ක සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය මඟින් නිරීක්ෂණය කිරීම සිදුකරනු ලබනවා.

 

ජනතාව සහ දේපළවල ආරක්ෂාව ප්‍රධාන තේමාව කරගත් මෙම කොට්ඨාසය මඟින් අපරාධයක් සිදුවීමට ඇති හැකියාව නැති කිරීම, අපරාධයක් නිරික්ෂණය කර පියවර ගැනීම, අපරාධයක විමර්ශන කටයුතු සඳහා සහභාගි වීම වැනි කටයුතු එම ඒකකය මඟින් සිදුකරනු ලබන අතර රථ වාහන වැරදි නිරීක්ෂණය කිරීම ද මෙමඟින් සිදුකෙරෙනවා.

views

788 Views

Comments

arrow-up