මුව ආවරණ නොමැතිව කෑම හැදූ හෝටල් සේවකයන් රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
12

මුව ආවරණ නොමැතිව කෑම හැදූ හෝටල් සේවකයන් රිමාන්ඩ්

මුව ආවරණ නොමැතිව කෑම හැදූ හෝටල් සේවකයන් රිමාන්ඩ්

පොලිසිය මොවුන් අත්අඩංගුවට ගැනීමට පෙර දෙවතාවක්ම කරන ලද අවවාද නොසලකා හැර නිරෝධායන සහ සෞඛ්‍ය නීති රීති උල්ලංඝණය කරමින් මුව ආවරණ සහ අත් වැසුම් නොමැතිව කෙටි ආහාර සාදමින් සිටියදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. 

 

ඒ අනුව ගාල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් පවිත‍්‍රා සංජීවනී පතිරණ මහත්මිය හෝටල් සේවකයන් දෙදෙනෙකු ලබන 19 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට පෙරේදා (10) නියෝග කළාය.

 

ගාල්ල දෙවට ප‍්‍රදේශයේ හෝටලයක සේවය කරන ජමාල් අබ්දුල් මලාඩ් මෙහොමඩ් පිරිදවුස් (39) සහ මොහොමඩ් අරූස් මොහොමඩ් ජමිල්(30) නමැති සේවකයන් දෙදෙනෙකු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබිණි.

 

වරාය පොලිසියේ පො.ප. රොහාන් ආලෝක, කොස්තාපල් චතුරංග (82537), කා.සැ. වසන්ති (1362) යන මහත්ම මහත්මීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

views

881 Views

Comments

arrow-up