කොන්දොස්තර බිමට ඇද දමා මුදල් කොල්ලකාලා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

කොන්දොස්තර බිමට ඇද දමා මුදල් කොල්ලකාලා

කොන්දොස්තර බිමට ඇද දමා මුදල් කොල්ලකාලා

යාපනයේ සිට අම්පාර දක්වා ධාවනය වෙමින් තිබූ යාපනය ලංගම ඩිපෝවට අයත් බස් රථයක සිටි මගීන් තුන් තිදෙකු බස් රථයේ කොන්දොස්තරවරයාව බසයෙන් බිමට තල්ලු‍ කොට රුපියල් 59,177 ක මුදලක් පසුගිය 02 වනදා රාත්‍රීයේ කොල්ල කා පලා ගොස් ඇත.

 

මෙම සිද්ධිය සිදුව තිබෙන්නේ කිළිනොච්චියේ උමයාල්පුරම් ප්‍රදේශයට ආසන්නයේදී වන අතර කොල්ලකරුවන් තිදෙනා යාපනයේ සිට එම බස් රථයේ ප්‍රවේශපත්ද මිලට ගෙන පැමිණෙමින් සිට එක් වර බසය නැවැත්වූ අවස්ථාවේ කොන්දොස්තරවරයාව බිමට තල්ලු‍ කොට මෙම මුදල් මංකොල්ලය සිදු කොට තිබේ.

 

බසය නවත්වන ලද අවස්ථාවේදී බසයෙන් බැස සිටි මගීන් පවසා තිබෙන්නේ කොල්ලකාර තරුණයින් තුන්දෙනා අතුරු මාර්ගයක් ඔස්සේ දිව ගිය බවයි.

 

තමන්ට ඔවුන් දුටුවහොත් හඳුනාගත හැකි බවත් එම මගීන් පොලිසියට පවසා ඇත. 

 

සිද්ධිය සම්බන්ධයෙන් කොන්දොස්තරවරයා මගීන්ගේ සාක්ෂිද සහිතව කිළිනොච්චිය පොලිසියට පැමිණිලි කොට ඇති අතර පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

views

269 Views

Comments

arrow-up